fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දිය කැබිනට් මණ්ඩලය පත්කිරිම පිළිබඳ සාකච්ඡා

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 09:46

ඉන්දිය කැබිනට් මණ්ඩලය පත්කිරිම පිළිබඳ සාකච්ඡා

ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි හා භාරතීය ජනතා පක්ෂ සභාපති අමිත් ෂා අතර පැය 5ක සාකච්ඡාවක් පැවැත්වුණා.

කැබිනට් මණ්ඩලය පත්කරන ආකාරය පිළිබඳවයි අවධානය යොමු වුණේ. කරුණු ගණනාවක් පිළිබඳව අදහස් හුවමාරු වී තිබෙනවා. ප‍්‍රධාන පෙළේ අමාත්‍ය ධුරවල වෙනසක් සිදුකිරිමත් ඊට අයත්. මුදල් හා ආරක්ෂක අමාත්‍යංශ සම්බන්ධයෙන් ද නායකයන් දෙපළ අතර විශේෂයෙන් සාකච්ඡා වී ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ .

කෙසේ වෙතත් පැවති කැබිනට් මණ්ඩලයේ සැලකිය යුතු වෙනසක් සිදුනොවනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. ඉදිරියේදී රටතුළ සිදුකළ යුතු වෙනස්කම් රැසක් පවතිනවා. කැබිනට් මණ්ඩලය පත්කිරිමෙන් අනතුරුව ඒ පිළිබඳ වැඩි අවදානය යොමු කිරිමයි අපේක්ෂාව.

අග‍්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ උත්සවය හෙට(30)  පස්වරුවේ පැවැත්වෙන්නේ රාස්ට‍්‍රපතිභවන්හිදී. බිම්ස්ටෙක් රටවල නායකයන් ඇතුළු පිරිසකට ඒ සඳහා ආරාධනා කර තිබෙනවා. ඔවුන් සියල්ල උත්සවයට සහභාගී වන බවයි ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 09:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්