පාකිස්තානය තුළ එච් අයි වී වෛරසය ශීඝ්රයෙන් පැතිරයාම හේතුවෙන් ඒ පිළිබදව අවධානය යොමුකරන ලෙස එරට රජය ලෝක සෞඛය සංවිධානයෙන් ඉල්ලා සිටිනවා.
පාකිස්තානයේ වයඹදිග ප්රදේශයේ නගරයක පුද්ගලයින් විසිඑක්දහස් තුන්සිය හැත්තෑපහක් පරීක්ෂා කිරීමේදී ඉන් 681 දෙනෙකුටම එච් අයි වී ආසාධනය වී තිබූ බව හෙළිවුණා. පාකිස්තානය තුළ පුද්ගලයින් එක්ලක්ෂ හැටතුන්දහසකට පමණ එච් අයි වී ආසාධනය වී ඇති බවට එරට සෞඛය අංශ සැක පළකරනවා.