නීතිවිරෝධී ලෙස ආනයනය කළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් තුන්දහසක් පමණ එම රටවලට හරවා යැවීමට මැලේසියාව පියවර ගෙන තිබෙනවා.
ඇමෙරිකාව , ජපානය , ප්‍රංශය , කැනඩාව , ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 14 කින් මෙසේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මැලේසියාවට ආනයනය කර තිබෙනවා. මැලේසියාව පසුගිය වසරේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සදහා යුරෝපයේ ප්‍රධාන ගමනාන්තය බවට පත්වුණා. මැලේසියාවේ ඇතැම් ප්‍රතිචක්‍රීකරන කර්මාන්ත ශාලා බලපත්‍ර නොමැතිව අවිධිමත්ව පවත්වාගෙන යන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.