fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ප්‍රහාරයෙන් ප්‍රසංග අහිමිවූ සංගීත කණ්ඩායම්වලට රජයෙන් සහන

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 18:25

පාස්කු ප්‍රහාරයෙන් ප්‍රසංග අහිමිවූ සංගීත කණ්ඩායම්වලට රජයෙන් සහන

අප්‍රේල් 21 ඛේදවාචකයෙන් වෘත්තීය අවස්ථා අහිමිවූ සංගීත කණ්ඩායම්වලට සහන සැලසීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා.

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු සංගීත කණ්ඩායම්වලට සංගීත සංදර්ශන පැවැත්වීමේ ඉඩකඩ ඇහිරී ගියා. උද්ගත වූ තත්ත්වයට සහනයක් ලබාගැනීමේ අරමුණෙන් සංගීත කණ්ඩායම්වල නියෝජිතයින් පිරිසක් අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවුණා. සංගීත කණ්ඩායම් 15 ක් නියෝජනය කරමින් නියෝජිතයින් ඊට එක්ව සිටි අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද මෙම හමුවට සහභාගි වුණා.

සංගීත සංදර්ශන පැවැත්වීමට නොහැකිවීමෙන් තම සාමාජිකයින්ට ගෙවීම් කිරීමට පවා නොහැකිවී ඇති අතර සංගීත උපකරණවලට අදාලව කල් බදු ගෙවීම් සිදුකිරීමට ඇති බවද එම පිරිස අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළා. ඒ වෙනුවෙන් යම් සහනයක් ලබාදෙන ලෙසයි ඔවුන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා සිටියේ. පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසු විවිධ ක්ෂේත්‍රවලට සිදුවූ හානි සම්බන්ධයෙන් ලබාදිය හැකි සහන පිළිබද සාකච්ඡා කරමින් සිටින බැවින් මේ සම්බන්ධයෙන් ද ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශය යම් තීරණයකට එළඹීමට නියමිත බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 18:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්