fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවට පැනවූ සංචාරක තහනම ඉවත් කරයි

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 17:42

ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවට පැනවූ සංචාරක තහනම ඉවත් කරයි

ස්විස්ටර්ලන්තය එරට වැසියන් පනවා තිබූ ශ්‍රී ලංකා සංචාරක සීමා ඉවත් කර තිබෙනවා. මේ බව එරට විදේශ කටයුතු දෙපාර්තමේන්තුව අද (28) නිවේදනය කළා.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය යහපත් අතට පත්ව ඇති බැවින් සංචාරක සීමා ඉවත් කිරීමට තීරණය කළ බවයි ස්විස්ටර්ලන්ත රජය පවසන්නේ. පසුගිය අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදෙස් සංචාරකයින්ද මියයාමෙන් පසු ස්විස්ටර්ලන්තය තම ජනතාවට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස උපදෙස් ලබා දුන්නා.

අද(28) සිට එම සීමා ලිහිල් කිරීම සිදුවන බවත් කෙසේ වුවද පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කර සංචාරයන්හි නිරත වන ලෙසත් ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව එරට ජනතාවට වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය හා ආයෝජන පුළුල් කිරීමේ ඉඩකඩ පිළිබද දැනුවත් කිරීමේ සමුළුවක් සිංගප්පූරුවේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය හා සිංගප්පූරුවේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එක්වයි එය සංවිධාන කර තිබුණේ. වැඩ බලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඕ එල් අම්රාජ් වඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවට රටවල් 41 ක නියෝජිතයින් එක්ව සිටියා.

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව මේ වන විට සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බැවින් ආයෝජන සදහා සුදසු වාතාවරණයක් රට තුළ නිර්මාණය වී තිබෙනවා. ආයෝජකයින්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස මෙහිදී ආරාධනය කෙරුණු අතර සංචාරකයින්ට ලබා දී ඇති සහන පැකේජ සම්බන්ධයෙන්ද දැනුවත් කිරිම් සිදු කිරිමටයි කටයුතු කෙරුණේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 17:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්