fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධික ලෙස මත් ද්‍රව්‍ය පානය කිරීමෙන් මිය ගිය ගුවන් මගියා

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 15:44

අධික ලෙස මත් ද්‍රව්‍ය පානය කිරීමෙන් මිය ගිය ගුවන් මගියා

ගුවන් යානයක සිටි මඟියෙකු මත් ද්‍රව්‍ය අධික ලෙස පානය කිරීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

කොලොම්බියාවේ සිට ජපානය දක්වා ගමන් කරමින් තිබු මෙම ගුවන් යානය මෙක්සිකෝවේ සොනෝරා ගුවන් තොටුපළේ හදිසියේ ගොඩබෑමටයි බලධාරීන් කටයුතු ක‍ලේ. කුඩා බෑග් 246ක අසුරා තිබු කෝකේන් මත්ද්‍රව්‍ය එකවර පානය කිරීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බවටයි හෙළි වී තිබෙන්නේ. ජපාන ජාතිකයෙකු වන මෙම පුද්ගලයා කුමන හේතුවක් මත මෙතරම් මත්ද්‍රව්‍ය තෝගයක් පානය කළේ ද යන්න පිලිබඳව මෙතෙක් හෙළි වී නැහැ.කෙසේවෙතත් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 15:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්