මැලේසියාවේ අවසන් සුමාත්රා රයිනෝසර් පිරිමි සත්ත්වයා ද මියගොස් ඇති බව එරට බලධාරීන් පවසනවා.
ටැම් ලෙස හදුන්වන මෙම රයිනෝසර් සත්ත්වයාට වයස අවුරුදු තිහක් පමණ වනවා. මැලේසියාවේ සභාහි පිහිටි වන රක්ෂිතයක් තුළ මෙම සත්ත්වයා මියගොස් සිටි බවයි මැලේසියා වනජීවී නිලධාරීන් සදහන් කරන්නේ. මෙම සත්ත්වයා පෙනහලු සහ වකුගඩුවල ඇතිව තිබූ රෝගාබාධයක් හේතුවෙන් මියයන්නට ඇති බවයි සැක පළ කරන්නේ.
මේ වනවිට මැලේසියාවේ සුමාත්රා රයිනෝසර් සත්ත්වයින්ගෙන් ගැහැණු සත්ත්වයෙකු පමණක් සිටින බවද ඔවුන් සදහන් කරනවා.