රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව පවරා ඇති නඩුව ජූනි මස 04 වෙනිදා නව විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවීමට අභියාචනාධිකරණය අද දින නියම කළා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේයි නඩුව පවරා තිබෙන්නේ.
මෙම නඩුව මීලඟ දින අර්ජුන ඔබේසේකර සහ නිශ්ශංක බන්දුල යන විනිසුරුවරුන් ඉදිරියේ කැදවීමට අභියාචනාධිකරණය නියෝග කළා. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නිකුත් කළ නියෝලය 2017 වසරේ අප්‍රේල් 07 වනදා පැවති විරෝධතා රැලියකදී විවේචනය කිරීමෙන් අභියාචනාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට වන චෝදනාවට අදාළවයි මෙම නඩුව ගොණු කර තිබෙන්නේ. අධිකරණය හමුවේ ඇති කරුණුවලලට අනුව අපහාස කිරීමේ චෝදනාව මකත පාදෙණිය මහතාට එරෙහිව කටයුතු කළ හැකි බවට මීට පෙර අභියාචානාධිකරණය තීන්දු කළා. එමෙන්ම අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණයට අපහාස වන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීම වලකාන ලෙස අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කෙරුණා.