මහසොහොන් බලකායේ නායක අමිත් වීරසිංහ හෙට(29) දිනය තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්රාත් ශලනි පෙරේරා මහත්මියයි නියෝගය අද (28) ලබාදුන්නේ. මහජන සාමය හා ආගමික සංහිදියාව කඩකිරීමේ චෝදනාව මතයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
සැකකරුට එරෙහි පරික්ෂණ සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් හෙට දිනයේදී ඉදිරිපත් කරන ලෙස මහේස්ත්රාත්වරිය කොළඹ දකුණ දුෂණ මර්දන කොට්ඨාසයට නියෝග කලා.