ජුනි මස 05 වනදාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව ජාතික පරිසර සැමරුම් සතියක් ප්රකාශයට පත් කර තිබෙනවා.
ලබන 30 වනදා සිට ජුනි පස්වනදා දක්වා ක්රියාත්මකයි. තිරසර වන කළමණාකරණයක් තුළින් වායු දූෂණය අවම කිරීමේ තේමාවෙනුයි එම සතිය ක්රියාත්මක වන්නේ. මෙම සතිය තුළ රාජ්ය පෞද්ගලික ආයතනවල මෙන්ම පාසල් ඇතුළු ස්ථාන රැසක දැනුවත් කිරීම් මෙන්ම පවිත්ර කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.