ශ්‍රී ලංකාව හා බංගලිදේශය අතර ආරක්ෂක සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ ආරක්ෂක අමාත්‍යංශයේදී. ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ජනරාල් එස් එච් එස් කෝට්ටේගොඩ මහතා හා ශ්‍රී ලංකාවේ බංගලිදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලා මහතා සාකච්ඡා සඳහා එක්වුණා.