බ්රසීලයේ බන්ධනාගාරවල ආරක්ෂක විධිවිධාන තරකර තිබෙනවා.
රැදවියන් අතර ගැටුම් අවම කිරීමයි අරමුණ. බන්ධනාගාර කිහිපයක සිදුවූ ගැටුම්වලින් 40 දෙනෙකු මිය ගියා. තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි බ්රසිල වාර්තා සඳහන් කලේ. විශේෂ ආරක්ෂක ජාලයක් වෙනුවෙන් හමුදාව සහ පොලීසිය යෙදවීමටත් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.