නීතිවිරෝධිව පතල් කැණීම් කළ පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය ප්රකාශ කළා.
කහවත්ත කඳවුරේ නිලධාරීන් වැටලිම සිදුකර තිබෙනවා. ඒ රත්නපුර පොලිස් වසමේ මාරපන ප්රදේශයේදී. ඔවුන්ව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාරදුන් බවයි විශේෂ කාර්ය බළකාය පවසන්නේ. රුපියල් විසි පන්දහසක ගාස්තුවක් ගෙවා දැමිමෙන් අනතුරුව එම පුද්ගලයන් නිදහස් කර තිබෙනවා.