නීතිවිරෝධීව ගෙන් වූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එකලොස් දහසකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉගුරු කඩේ හන්දියේ රේගු අංගනයක බහාලුම් දෙකක තිබී ඒවා හමු වුණා. බිඩි කොළ තොගයේ වටිනාම රුපියල් කෝටි 4ක්. ටයර් සෑදීමට යොදා ගන්නා රසානික ද්‍රව්‍යයක් ගෙන්වන බව පවසා ඒවා රැගෙන විත් ඇති බවයි පොලීසිය පවසන්නේ. වැටලීිම සඳහා ශ්‍රී ලංකා රේගුවේ සහාය ද හිමිව තිබෙනවා. මත්ද්රුව්ය කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනූවයි වැටලීම සිදුකර තිබෙන්නේ.