fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෝම්බ ප්‍රහාරවලින් පසු නේපාලයේ ආරක්ෂාව තරකෙරේ

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 18:32

බෝම්බ ප්‍රහාරවලින් පසු නේපාලයේ ආරක්ෂාව තරකෙරේ

නේපාලයේ කත්මණ්ඩු අගනුවර සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව ආරක්‍ෂාව තර කිරීමට එරට ආරක්‍ෂක අංශ කටයුතු කර තිබෙනවා.

නේපාලයේ කත්මන්ඩු අගනුවර බෝම්බ පිපිරීම් තුනකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 7 දෙනෙකු තුවාල ලැබුවා. පිපිරීමෙන් අසළ තිබූ ගොඩනැගිලිවලට හා රථවාහනවලට ද හානි සිදුවුණා. තුන්වන පිපිරීම සිදුව ඇත්තේ පළමු පිපිරීම් දෙක සිදු වී පැය කිහිපයකට පසුවයි. මාවෝවාදී කැරළිකරුවන් මෙම පිපිරීම් මාලාවට සම්බන්ධ බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ප්‍රහාර සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රහාරයෙන් අනතුරුව කත්මන්ඩු අගනුවර පාසල් හා ප්‍රධාන වෙළෙඳසල් වසා දැමුණා. නේපාලයේ දෛනික කටයුතුවලට දැඩි බාධා පැමිණ තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 18:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්