සාමය සඳහා ඉටුවිය යුතු කරුණක් ගැන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට දැනුම් දුන්නා. ඒ විශ්වාසනීයත්වය තහවුරු කිරිමයි.
දෙරට අතර හටගෙන ඇති මතභේද සමථයට පත්කිරිම සදහා අවංකව කටයුතු කළ යුතු බවත් නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබෙනවා. දෙරටේ නායකයන් විශේෂ දුරකථන සාකච්ඡාවක නිරත වුණා. එහිදි නරේන්ද මෝදිගේ ජයග්‍රහණයට පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සුභපැතුම් එක්කළා. ත්‍රස්තවාදින් හා හිංසන වලින් තොර පරිසරයක් නිර්මාණය කිරිමයි අපේක්ෂාව. ඒ වෙනුවෙන් ඉන්දිය රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව පකිස්ථාන අගමැතිවරයා දැනුම් දි තිබෙනවා.
මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වාරානාසි හි සංචාරයක නිරත වුණා. එහිදි භාරතිය ජනතා පක්ෂය මුහුණ දුන් අභියෝග දෙකක් පිළිබදව ඔහු සදහන් කර තිබෙනවා. ඒ දේශපාලන හිංසන හා දේශපාලන සංවේදි බවක් නොතිබීමයි. මැතිවරණය ආශි‍්‍රතව භාරතීය ජනතා පක්ෂ සාමාජිකයන්ට ප්‍රහාර එල්ලවී තිබෙනවා. කෙසේ වෙතත් ප්රජාතන්ත්රවාදය ඉහලින්ම අගය කරන බවයි නරේන්ද්‍ර මෝදි සදහන් කර තිබෙන්නෙ.