fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ප්‍රවාහන වෛද්‍යායතනයේ ගම්පහ කාර්යාලය නව ස්ථානයකට

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 17:43

ජාතික ප්‍රවාහන වෛද්‍යායතනයේ ගම්පහ කාර්යාලය නව ස්ථානයකට

ජාතික ප්‍රවාහන වෛද්‍යායතනයේ ගම්පහ කාර්යාලය නව ස්ථානයක පිහිටුවීම අද සිදුකෙරුණා. ඒ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්.

ගම්පහ ජාතික ප්‍රවාහන වෛද්‍යායතන කාර්යාලය මෙතෙක් පවත්වාගෙන ගියේ අඩු පහසුකම් යටතේයි. ඒ හේතුවෙන් රියදුරු බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. මේ සම්බන්ධයෙන් ITN ප්‍රවෘත්ති තුළින් ද පෙන්වා දුන්නා. එම කාර්යාලය අද නව ස්ථානයක පිහිටුවීම වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණා. එම ස්ථානයට පැමිණි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වහාම උත්සවය නතර කරන ලෙස උපදෙස් දුන්නා. ඒ කාර්යාල කටයුතු තාවකාලිකව නතර කිරීම තුළින් ජනතාව අපහසුතාවට පත්වන බව පෙන්වා දෙමින්.  නීතිරීති රැක ගනිමින් ජනතාවට උපරිම සේවාවක් ලබා දීම රාජ්‍ය සේවකයින්ගේ යුතුකම බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 17:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්