fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොදු මහජනතාවගේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමට උපාධිධාරින් 22000ක් සේවයට

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 16:56

පොදු මහජනතාවගේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමට උපාධිධාරින් 22000ක් සේවයට

විවිධ දුෂ්කරතා නිසා සමාජ ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දි සිටින පොදු මහජනතාවගේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමට උපිධිධාරින් 22000ක් බඳවා ගැනිමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27) ප්‍රකාශ කළේ ය.

ප්‍රාදේශීය සංවර්ධනයකන් සඳහා ඇති කරන අරමුදල්වලට අයත් තල් සංවර්ධන අරමුදල ආරම්භ කරමින් කොළඹ,අරලියගහ මන්දිරයේ පැවති උත්සව සභාව අමතා මෙසේ පැවසූ අග්‍රාමාත්‍යවරයා, විවිධ ප්‍රශ්නවලට මුහුණ දිම නිසා නිසි සංවර්ධන ක්‍රියාවලියකට අවතීර්ණ විමට නොහැකිව උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් සේවය කිරිම සදහා මෙම උපාධිධාරින් ගෙන් සැළකිය යුතු ප්‍රමාණයක් යොදවන බව කිවේය.

මෙම තරුණ නිලධාරිවන් මඟින් පිඩාවට පත්ව ඇති උතුරු නැගෙනහිර පළාතේ සංවර්ධනය සඳහා තල් සංවර්ධන මුදල අරඹා ඇති බව අගමැතිවරයා පෙන්වා දුන්නේය. ශ්‍රි ලංකාවේ දුෂ්කරම ස්ථාන බවට පත් වි ඇති ගම් නියං ගම් දියුණු කිරිම සඳහා මෙම තරුණ නිළධාරින්ගේ ක්‍රියාවලිය සාර්ථක කිරිම සඳහා මෙම අරමුදල බිලියන 50ක් වන විශාල අරමුදලක් බවට පත් කිරිමට රජය පියවර ගෙන ඇති බව අගමැතිවරයා කිය.

අරමුදලේ ඉතිහාසය පැහැදිලි කළ අගමැතිවරයා, මුදල් ඇමති මංගල සමරවිර මහතා විසින් පසුගිය අයවැය ලේඛනයෙන් අරමුදල් වෙන් කිරිම මඟින් රුපියල් බිලියන 2.5 මුදලකින් මෙය ආරම්භ වු බව පෙන්වා දුන්නේය. මෙම අරමුදල මඟින් ප්‍රදේශයට කල හැකි විශිෂ්ඨ සේවාව අවබෝධ කර ගත් එතෙර වෙසෙන ශ්‍රි ලාංකිකයින් රුපියල් බිලියන 2.5 පරිත්‍යාග කිරිම නිසා මෙම මුදල බිලියන 5ක් බවට පත් වි ඇති බව කීය.

මුදල් ඇමති මංගල සමරවිර මහතා අඳහස් දක්වමින් ශ්‍රි ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය එක් එක් ප්‍රදේශ සිමා කරගෙන සිදු කිරිම මෙතෙක් සිදුවු නමුදු ස්ථිර සාර සැලැස්මක් අනුව සැම ප්‍රදේශයකටම එක සමාන සංවර්ධනයක් ඇති කිරිමේ අරමුණින් විශේෂ සංවර්ධන ක්‍රියාවලියක් සිදු බව කීවේය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, කැබිනට් නොවන ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා, අධ්‍යාපන රාජ්‍ය ඇමති විජේකලා මහේෂවරන්,පාර්ලිමේන්තු මන්ත්‍රිවරුවන් වන එස්. අඩෙක්කලනාදන්,ෂ්‍රී ධරන් යන මහත්ම මහත්මීහු ඇතුලු රාජ්‍ය නිලධාරින් රැසක් මේ අවස්ථවාට සහභාගි වූහ.

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 16:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo