fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධුමාධව ඇතුළු තිදෙනෙකුගේ විදේශ ගමන් වළක්වමින් තහනම් නියෝගයක්

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 14:55

මධුමාධව ඇතුළු තිදෙනෙකුගේ විදේශ ගමන් වළක්වමින් තහනම් නියෝගයක්

පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ඇතුළු තිදෙනෙකුගේ විදේශ ගමන් වළක්වමින් තහනම් නියෝගයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා නිකුත් කර තිබෙනවා.

මිනුවන්ගොඩ නගරයේ ඉකුත් 13 වනදා රාත්‍රියේ සිදුවූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන්වලට සම්බන්ධබවට සැකපිටයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. ඒ අනුව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී ඒ සමරදිවාකර මහතා ආගමන විගමන පාලක ජෙනරාල් වෙත මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.

ඒ අනුව පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මිනුවන්ගොඩ පොල්වත්තේ පදිංචි කේ පී අතුල දයාරත්න , හීනටියන ගුරුගම පදිංචි කේ රුවන් උපේන්ද්‍ර යන තිදෙනාටයි විදේශගත වීම තහනම් කර තිබෙන්නේ. බුද්ධි අංශ නිලධාරීන් , විශ්වාසවන්ත පුද්ගලයින් ලබා දුන් තොරතුරු , සීසීටීවී දර්ශන උපයෝගී කර ගනිමින් පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායම් කිහිපයක් මිනුවන්ගොඩ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් වලට සම්බන්ධ 15 දෙනෙකු හදුනාගෙන ඇති බවද අධිකරණය හමුවේ පොලිසිය සදහන් කළා. ඔවුන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 14:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo