fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙළේ කාන්තා, පිරිමි ඇවිදිමේ තරගාවලියේ ප්‍රථම ස්ථානය උතුරු මැද පළාතට

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 14:45

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙළේ කාන්තා, පිරිමි ඇවිදිමේ තරගාවලියේ ප්‍රථම ස්ථානය උතුරු මැද පළාතට

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙළේ කාන්තා, පිරිමි  ඇවිදිමේ තරගාවලියේ ප්‍රථම ස්ථාන දිනා ගැනිමට  දකුන සහ උතුරු මැද පළාත් සමත් වුණා.

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වුනේ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේදීයි. විදුලි සංදේශ, විදුලි රැකියා හා ක්‍රීඩා අමාත්‍යංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා එක්වයි මෙය  සංවිධාන  කරන්නේ. කාන්තා, පිරිමි  ඇවිදිමේ තරගාවලිය කිලෝමිටර් 20ක දුරකින් සමන්විතයි. තරගයේ කාන්තා අංශයේ පළමු ස්ථානය දිනා ගත්තේ දකුණු පළාත නියෝජනය කළ පීබි ගයානි ක‍්‍රීඩිකාවයි. දෙවන ස්ථානය හිමි කරගත්තේ එම පලාත නියෝජනය කළ ටීඑච් දිනුෂා දිල්හානියි. ඩබ්ලිව්එච් ලක්ෂ්මි එම පළාත වෙනුවෙන් තුන්වන ස්ථානය හිමි කරගත්තා. මේ අතර පිරිමි ඇවිදිමේ තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනිමට උතුරුමැද පළාත නියෝජනය කළ ඩීඑච්අයි දුනුකාර සමත් වුනා. දෙවන ස්ථානය හිමි කරගත්තේ බස්නාහිර පළාත නියෝජනය කළ ජිඑස් චන්දිකයි. එම පළාත නියෝජනය ටිජි නිරෝෂන් තුන්වන ස්ථානය හිමි කරගත්තා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 14:45

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo