fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදු ප‍්‍රදේශ ආශ‍්‍රිත ආරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩ සෝදිසි මෙහෙයුම්

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 12:51

මුහුදු ප‍්‍රදේශ ආශ‍්‍රිත ආරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩ සෝදිසි මෙහෙයුම්

මුහුදු ප‍්‍රදේශ ආශ‍්‍රිත ආරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක‍්‍රියාත්මක බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා. ඒ සඳහා විශේෂ කණ්ඩායම් යොදවා තිබෙනවා.

අයි එස් ත‍්‍රස්තවාදීන් රැගත් යාත‍්‍රාවක් ලක්ෂද්වීප් දිවයින වෙත ගමන් කරන බවට තොරතුරු ලැබී ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ඒ සමඟ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ඉන්දිය නාවික හමුදාව ද ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් එම කරුණ සම්බන්ධයෙන් ශ‍්‍රි ලංකා නාවික හමුදාව ද විමසිලිමත්ව කටයුතු කරන බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ඉසුරු සුරියබණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ.

කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 126ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු පිළිබඳ විමර්ශන ක‍්‍රියාත්මක බව ද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා.

වසරේ ගත වූ කාලසීමාවේදී මෙවැනි වැටලීම් රැසක් නාවික හමුදාව සිදුකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 12:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්