ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානයේ නව අධිරාජ්‍යයා වන නරහිතෝ කුමරුව මුණගැසුණා. ඒ ජපානයේ ටෝකියෝ අගනුවරදීයි.
දින 4ක රාජ්‍ය සංචාරයක් සඳහා ඇමෙරිකා ජනාධිපතිවරයා ඊයේ ජපානයේ සංචාරයකට එක්වුණා. මෙහිදී ඔවුව ඉතා උණුසුම් අයුරින් පිළිගැනුණා. නරහිතෝ කුමරු අධිරාජ්‍යයා බවට පත්වීමෙන් පසු ඔහු මුණගැසුණු පළමු විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයා ඔහු වීම විශේෂත්වයක්. අනතුරුව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සමඟ දෙරටේ වෙළදාම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් එක්වුණා.