fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ හදිසි රැස්විමක්

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 10:25

ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ හදිසි රැස්විමක්

ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ හදිසි රැස්වීමක් සඳහා සහභාගී වන ලෙස සවුදියේ සල්මාන් රජු කටාර් එමීර්වරයා වන ෂෙයින් තමීන් බින් හමාඩ් අල්තානිට ආරාධනා කර තිබෙනවා. ලබන බ‍්‍රහස්පතින්දා සමුළුව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ මහලේකම්වරයා මේ පිළිබඳ සියලු සාමාජිකයන් දැනුවත් කර තිබෙනවා. ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය සහයෝගිතාව හුවමාරු කර ගැනීම ද මෙම හදිසි සමුළුවේ අරමුණක් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. පසුගිය මාසයේදී ද සවුදියේ සල්මාන් රජු සමුළු දෙකක් පැවැත්වීමට සැලසුම් කළා. කලාපීය වශයෙන් පවතින ගැටළු පිලිබඳ සාකච්ඡා කිරිම සඳහා ඒවා පැවැත්වෙන බවයි සවුදි පුවත්පත් ඒජන්සිය පවසන්නේ. මැදපෙරදිගට අමතර භටයන් යොමුකරන බවට ඇමරිකා ජනාධිපතිවරයා සිදුකර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් ද මෙහිදි අවධානය යොමුවනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 10:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්