නාම පුවරු ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනූව මින් ඉදිරියට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පමණක් නාමපුවරු ප්‍රදර්ශනය සිදුකළ යුතු බවයි අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ.
එම චක්‍රලේඛය අද සහ හෙට අදාළ ආයතන වෙත ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ පිළිබඳ ඉදිරියේදී පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පැවති දේශනයකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.