fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක‍්‍රලේඛය අද

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 09:26

ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක‍්‍රලේඛය අද

ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ චක‍්‍රලේඛය අද නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. චක‍්‍රලේඛය සමඟ අයදුම් පත‍්‍රය ද නිකුත් කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ.

ඊට අදාළ පුවත් පත් දැන්වීම හෙට පළකිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා ප‍්‍රකාශ කළා.

චක‍්‍රලේඛය සහ අයදුම් පත‍්‍රය නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත හෙට වනවිට ඇතුළත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 09:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්