fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික අධීක්‍ෂණ කමිටු වාර්තාව මහනාහිමිවරුන් වෙත

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 18:49

ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික අධීක්‍ෂණ කමිටු වාර්තාව මහනාහිමිවරුන් වෙත

ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික අධීක්‍ෂණ කමිටුවේ වාර්තාව අස්ගිරි හා මල්වතු මහනාහිමිවරුන් වෙත පිළිගැන්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද කටයුතු කළා.

ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික අධීක්‍ෂණ කමිටුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම පළමුව මහනුවර ශ්‍රී දළදා මාලිගය වෙත ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගත්තා. අනතුරුව ඔවුන් අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්වහන්සේ බැහැ දුටුවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන වැදගත් කරුණු 11ක් අඩංගු යෝජනාවලිය මහනාහිමියන් වෙත පිළිගන්වනු ලැබුවා. එම අවස්ථාවට එක්ව සිටි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන්වහන්සේ අදහස් පළ කළා.

අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ ද බැහැ දැක ආශිර්වාද ලබාගත්තා. එහිදී මන්ත්‍රී කණ්ඩායම මහනාහිමියන්ට දැනුම් දුන්නේ මෙම යෝජනාවලිය සඳහා මහනාහිමිවරුන්ගේ උපදෙස් සහ අනුශාසනා අනිවාර්යයෙන් අවශ්‍ය බවයි. ඒ සඳහා අවම වශයෙන් ස්වාමීන්වහන්සේ දෙනමක හෝ සහභාගි කරවීම වැදගත් බව ද මන්ත්‍රී කණ්ඩායම මහනාහිමියන්ට දැනුම් දුන්නා. මෙම හමුවෙන් අනතුරුව එම කමිටුවේ මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 18:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්