මුදලාලිලාට අපේ අපේක්ෂකත්වය දෙන්නේ නෑ
Related Articles
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට කිසිවෙකු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසනවා.
රත්නපුර, රක්වාන මැතිවරණ කොට්ඨාසයේ තවත් පවුල් 2000කට සමෘද්ධි සහනාධාරය ලබා දීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. සමෘද්ධි දීමනාවට සුදුසුකම් ලැබූවන් නම් කිරීම හා හඳුන්වාදීම මෙහිදී සිදු කෙරුණා. සමෘද්ධි සහනාධාරය ලබා දීම තම ඉදිරි කටයුතු වලට ශක්තියක් බවයි ජනතාව මෙහිදී ප්‍රකාශ කළේ.