fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සමග මාලිංග එක් වෙයි

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 17:47

ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සමග මාලිංග එක් වෙයි

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ලසිත් මාලිංග අද එක් වුනා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ  ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන දෙවන පුහුණු තරගය ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග හෙට ආරම්භ වීමට නියමිතයි. ඒ මෙරට වේලාවෙන් පස්වරුවරු 03.00ට සදම්ටන්හිදියි.  මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග නොසිටි මෙරට ප්‍රධානතම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග අද කණ්ඩායම සමගින් එක් වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන දෙවන පුහුණු තරගයට තම සහභාගත්වය අවිනිශ්චිත බවයි ලසිත් මාලිංග අයිටිඑන් ප්‍රවෘත්ති අංශය සමග පවසා සිටියේ. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි දෙකකදී අවසන් මහා තරගය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකිම් බහුල සමාජිකයා වන්නේද ලසිත් මාලිංගයි. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ වෙනසක් හෙට දිනයේ සිදු කිරිමට බලාපොරාත්තු වන බවයි තේරිම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත මෙල් මහතා අයිටිඑන් ප්‍රවෘත්ති අංශය සමගින් කියා සිටියේ. ඒ අනුව නායක දිමුත් කරුණාරත්න සමගින් ඉනිම ආරම්භ කිරිමේ වගකීම ළහිරු තිරිමාන්නට හිමි වනු ඇති. මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ හොද සුදානමකින් මේ වන විට පසුවනවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 17:47

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්