fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය වසරේ ලොව හොඳම වරායන් 30 අතර පළමු ස්ථානය කොළඹ වරායට

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 16:48

පසුගිය වසරේ ලොව හොඳම වරායන් 30 අතර පළමු ස්ථානය කොළඹ වරායට

කොළඹ වරායේ බහලු මෙහෙයුම් ධාරිතාව පසුගිය මාසයේදී නවයයි දශම එකකින් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී කොළඹ වරායේ බහලු ඒකක ප්‍රමාණය හාරලක්‍ෂ හතළිස් එක්දහස් හාරසිය තිස්හතක්.

එය පසුගිය මාසයේදී සටන් වූයේ හාරලක්‍ෂ අසූදෙදහස් නවසිය දහයක් ලෙසයි. ඒ අනුව කොළඹ වරායේ ජයබහලු, සවුත් ඒෂියා ගේට්වේ හා අන්තර්ජාතික බහලු යන පර්යන්ත මෙම වර්ධනයට දායකත්වය ලබා දුන්නා. ප්‍රතිනැව්ගත බහලු මෙහෙයවීම අටයි දශම හයකින් වර්ධනය වී ඇති අතර වරාය අධිකාරියට අයත් පර්යන්තයන්හි බහලු මෙහෙයවීම ද 10යි දශම 5 කින් වර්ධනය වී තිබෙනවා. බහලු මෙහෙයුම් වර්ධනය සඳහා වන ශ්‍රේණිගත කිරීම්වලට අනුව පසුගිය වසරේදී ලොව හොඳම වරායන් තිහ අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට කොළඹ වරායට හැකිවුණා. එමෙන්ම ඇල්ෆාලයිනර් දර්ශකයට අනුව ද ජාත්‍යන්තර බහලු වරායන් අතර පසුගිය වසරේදී 22 වන ස්ථානයට පැමිණියේ කොළඹ වරායයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 16:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00