fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 5 දෙනෙක්

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 15:59

කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 5 දෙනෙක්

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ශ‍්‍රී  ලංකාවෙන් ක්‍රීඩකයින් පස් දෙනෙකු තෝරා ගෙන තිබෙනවා.

ලන්ඩන් නුවර පැවති ක‍්‍රීඩකයින් තෝරා ගැනිමේ අවස්ථාවේදී වැඩිම මිලක් හිමි වූ ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ ඉසුරු උදාන එක්ව තිබෙනවා. ඔවුන් දෙදෙනාට ඇමෙරිකානු ඩොලර් එක්ලක්ෂ හැට දහසක් බැගින්වන මුදලක් හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. අනෙකුත් ක්‍රීඩකයින් ලෙස නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා සහ සික්කුගේ ප්‍රසන්න මෙම තරගාවලියට එක්වන බව සදහන්. ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල සහ තිසර පෙරේරා තෝරා ගෙන ඇත්තේ ශාන්ත ලූසියා ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන්. ඉසුරු උදාන ශාන්ත කිට්ස් කණ්ඩායමට ද සික්කුගේ ප්‍රසන්න මෙවර තරගාවලියේ දී ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සදහා ක‍්‍රීඩා කිරීම සිදු කෙරෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 15:59

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්