fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිරිමි  ස්ටැන්ඩ්ර්ඩ් පාපැදි තරගාවලියේ ශුරතාව බස්නාහිර පළාතට

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 15:03

පිරිමි  ස්ටැන්ඩ්ර්ඩ් පාපැදි තරගාවලියේ ශුරතාව බස්නාහිර පළාතට

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙළේ පිරිමි  ස්ටැන්ඩ්ර්ඩ් පාපැදි තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට බස්නාහිර පළාත සමත් වුණා.

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වුනේ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේදීයි. විදුලි සංදේශ, විදුලි රැකියා හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්වයි මෙය  සංවිධාන  කරන්නේ. පාපැදි ස්ටැන්ඩර්ඩ් පිරිමි අංශයේ තරගය  කිලෝමිටර් 110ක දුරකින් සමන්විතයි. තරගයේ පිරිමි අංශයේ පළමු ස්ථානය බස්නාහිර පළාත නියෝජනය කළ දිල්ෂාන් මාන්නප්පෙරුම දිනා ගැනිමට සමත් වුණා. එහි දෙවන ස්ථානය හිමි කරගත්තේ ද බස්නාහිර පලාත නියෝජනය කළ මධුෂා ආකාශ සිල්වායි. එම පළාත නියෝජනය කළ සනත් ප්‍රසන්න තුන්වන ස්ථානය හිමි කරගත්තා. වේගවත්ම ක්‍රීඩකයාට ලෙස වයඹ පළාත නියෝජනය කළ එස් පියුමන් ක්‍රීඩකයා සම්මාන දිනා ගත්තා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 15:03

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්