fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපාන අගමැති ඇමරිකානු ජනපති සමග ගොල්ෆ් ක්‍රීඩා කරයි

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 14:47

ජපාන අගමැති ඇමරිකානු ජනපති සමග ගොල්ෆ් ක්‍රීඩා කරයි

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණෙන් ජපානයේ  විශේෂ සංචාරයක නියුතු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩා කරන අයුරු මාධ්‍යයට නිකුත් කර තිබුණා.

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ද ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ගොල්ෆ් ක්‍රීඩා කිරීමට එක්වූ බවයි වාර්තා වන්නේ. තවද ඔවුන් දෙදෙනා පෙනී සිටි සෙල්ෆි ඡායාරූපයක්ද මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.  ඉන් අනතුරුව ඔවුන් අද සන්ධ්‍යා භාගයේදී ටෝකියෝ හි පැවැත්වෙන සූමෝ තරගයක් නැරඹීමට ද නියමිතයි. එමෙන්ම ඇමෙරිකා ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් සහ ජපාන අග්‍රාමාත්‍ය ආර්යා අකී ජපානයේ ප්‍රසිද්ධ කෞතුකාගාරය නැරඹීමට එක්ව සිටින අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 14:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්