දක්ෂිණ අධිවේගි මාර්ගයේ සවිකර තිබූ යකඩ තහඩු සොරකම් කළ හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වීරකැටිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම් සිදුකර තිබෙන්නෙ. ඔවුන් රුපියල් දස ලක්ෂ හය දහසකට වඩා වටිනා යකඩ තහඩු සොරකම් කර ඇති බවයි පොලීසිය පවසන්නෙ. සැකකරුවන් වලස්මුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු යොදා තිබෙනවා.