බඹර ප්‍රහාරයකින් 53 දෙනෙක් රෝහල්ගත කෙරේ
Related Articles
මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ ගුරුවරුන්, දරුවන් සහ දෙමව්පියින් ඇතුළු 53 දෙනෙකු බඹර ප්‍රහාරයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
අද දහවල් එම විද්‍යාලයේ පැවති ශ්‍රමදානයක් අතරතුරයි බඹර ප්‍රහාරය එල්ල වී ඇත්තේ. මෙම විද්‍යාලයට මායිම්ව තිබෙන මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගොඩනැගිල්ලක ඇතුලත පිහිටි විශාල බඹර කුඩුවක් ඇවිස්සීම මෙයට හේතු වී තිබෙනවා. ප්‍රහාරයට ලක් වුවන් බේරා ගැනීම සඳහා එම ස්ථානයට ගිය පිරිසටද බඹර ප්‍රහාර එල්ල වුණා. එම පිරිස මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගැනුණා.