fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කලුතර කිතුලාව දමනවත්ත මාර්ගය සංවර්ධනය කිරීම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 14:04

කලුතර කිතුලාව දමනවත්ත මාර්ගය සංවර්ධනය කිරීම ඇරඹෙයි

ගම්පෙරළිය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කලුතර කිතුලාව දමනවත්ත මාර්ගය සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා. එම මාර්ගය සංවර්ධනය තුළින් විශාල පිරිසකට සෙත සැලසෙනවා.

රුපියල් මිලියන හතළිස් අටදහසක් වැය කරමින් රට පුරා ගම්පෙරළිය වැඩසටහන යටතේ සංවර්ධන  ව්‍යාපෘති රැසක් මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ යටතේ කලුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිතුලාව දමනවත්ත  මාර්ගය සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් කැකිරාව එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය පිළිබඳ මෙහිදී අදහස් පළ කෙරුණා.

මේ අතර විශ්වාසභංගය පිළිබඳ ගාල්ල වංචාවල පැවති මාධ්‍ය හමුවකදී ද පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මෙලෙස අදහස් පළ කළා.

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 14:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo