fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල්වල බිය ඇති කිරීමට සිදු කල කඩාකප්පල්කාරී ක්‍රියාව පිටුපස දේශපාලඥයෙක්

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 12:14

පාසල්වල බිය ඇති කිරීමට සිදු කල කඩාකප්පල්කාරී ක්‍රියාව පිටුපස දේශපාලඥයෙක්

පාලින්දනුවර දික්හේන කනිටු විදුහල අසල අත්බෝම්බ පාර්සලයක් තබා රට පුරා පාසල්වල බිය ඇති කිරීම සඳහා ගත් කඩාකප්පල්කාරි ක්‍රියාව පිටුපස එම පළාතේ දේශපාලඥයෙකුගේ සම්බන්ධතාවක් තිබෙන බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබෙනවා.

ආදාළ බෝම්බ පාර්සලය පාසලේ තබා ඇත්තේ පසුව ප්‍රදේශයේ පාසල්වලට ආරක්ෂක තර්ජනයක් ඇති බවට මාධ්‍ය හරහා ප්‍රචාරයක් යවමින් සියලු පාසල් වසා දැමීම අරමුණු කරගෙන බව මේ වන විට හෙළිවී තිබෙනවා. අදාළ බෝම්බ පාර්සලය තැබු බවට විශ්වාස කරන සැකකරු ප්‍රදේශයේ මිනිමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බනධ අයෙක් වන අතර ඔහු සහ පාසලේ මුරකරු අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදු කෙරෙනවා. පාසලේ බෝම්බ ඇති බවත් ඒ හේතුවෙන් ඒ ප්‍රදේශයේ පාසල් වසා ඇති බවට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් අසත්‍ය ප්‍රචාරය කළ පුද්ලගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මේ වන විට පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.  අදාළ කඩාකප්පල්කාරී ක්‍රියාව සිදු කළ සැකකරු පාසලට පිටුපසින් නිවසක පිදිංචිකරුවෙකු වන අතර බෝම්බ පාර්සලය තැබිමෙන් පසු යතුරු පැදියකින් පලා ගොස් ඇති බවට පොලීසිය සැක කරනවා.  සැකකරු කඩාකප්පල් ක්‍රියාවට සැකකෙරෙන දේශපාලඥයා සමග ඇති සමීප සබදතාවය මත අත්බෝම්බ පාර්සලය එම ස්ථානයේ තබන්නට ඇති බවයි පොලීසිය සැකකරන්නේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 12:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්