fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාම සාධක හමුදා මෙරට නැහැ – ආරක්ෂක රාජ්‍ය ඇමති අවධාරණය කරයි

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 11:46

සාම සාධක හමුදා මෙරට නැහැ – ආරක්ෂක රාජ්‍ය ඇමති අවධාරණය කරයි

සුදු පැහැති යුද හමුදා යුනිකෝන් රථ කිහිපයක ඡායාරූප උපුටා දක්වමින් ලංකාවට එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා පැමිණ මෙහෙයුම් දියත් කරන බවට සමාජජාලාවල පලවෙන පුවත් සම්පුර්ණ අසත්‍ය බව හෙළි වී තිබෙනවා.

යුඑන් යන අකුරු දෙක භාවිතා කර ඇති ආදාළ හමුදා යුනිකෝන් රථ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මෙරට නිෂ්පාදනය කරන ලද ඒවා බවට තහවුරු වී තිබෙයි. කිසියම් කණ්ඩායමක් සමාජයේ වැරදි මතයක් නිර්මාණය කිරිම සදහා එම රථවල ඡායාරූප සමාජ ජාලාවලට එක්කර තිබුණේ එම රථ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අයත් ඒවා බවත් ඒවා ලංකාවේ මෙහෙයුම් දියත් කරන බවත් සඳහන් කරමින්.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ අදාළ ට්‍රක් රථ මාලි දේශයේ ආරක්ෂාව සදහා රදවා තිබෙන ශ්‍රී ලාංකිය හමුදා නිලධාරින් වෙනුවෙන් ලංකාවේ නිෂ්පාදනය වූවක් බවයි. එක්සත් ජාතින්ගේ හමුදාවක් ලංකාවේ නොමැති බවද  එම ට්විටර් පණිවිඩයෙන් පෙන්වා දී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 11:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්