fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තිදෙනෙකුට මරු කැඳවූ ආණමඩුව රිය අනතුර

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 11:41

තිදෙනෙකුට මරු කැඳවූ ආණමඩුව රිය අනතුර

ආණමඩුව හලාවත මාර්ගයේ නාගවිල ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ජීවිතක්ෂයට පත් තරුණයින් තුන්දෙනාම යතුරු පැදියක නැගී පැමිණෙන අවස්ථාවේයි අනතුරට ලක්වුණේ.

අතුරු මාර්ගයක සිට පැමිණි යතුරු පැදිය ආණමඩුව හලාවත ප්‍රධාන මාර්ගයට ඇතුලු කිරීමත් සමඟ කැබ් රථයක ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ අවුරුදු 18 සහ 20 වයස්වල පසුවූ තරුණයින් තුන්දෙනෙකුයි. ප්‍රධාන මාර්ගයට පැමිණීමත් සමඟ යතුරු පැදිය යළි හැරවීමට උත්සාහ දරා ඇත්තේ පොලිස් නිලධාරීන් එය පරික්ෂා කිරීමට උත්සාහ කිරීමත් සමඟයි. අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණයින් තුන්දෙනා හලාවත මහ රෝහලට ඇතුළත් කෙරුණා. ප්‍රතිකාර ලබමින් සිටියදී ඔවුන් ජීවිතක්ෂයට පත්වූ බවයි රෝහල් වාර්තා සදහන් කළේ. කැබ් රථයේ රියදුරු පොලීසිය අත්අඩංගුවට ගත්තා.

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 11:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්