අත්අඩංගුවට ගෙන සිටින යුක්රේන නාවිකයන් විසිහතරදෙනා සහ නෞකා තුන වහාම නිදහස් කරන්නැයි රුසියාවට දැනුම්දී තිබෙනවා.
2014 වසරේදී සිය මුහුදු සීමාව උල්ලංඝණය කළ බව පවසමින් රුසියා නාවික හමුදා නිලධාරීන් මෙම නාවිකයන් විසිහතර දෙනා සහ යාත්‍රා තුන අත්අඩංගුවට ගත්තා. එහෙත් මුහුදු සීමා පිළිබඳ ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලය සදහන් කරන්නේ යුක්රේන නාවිකයන් එවැන්නක් සිදුකර නොමැති බවයි. කෙසේවෙතත් රුසියාව එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.