සංක්‍රමණිකයන් 200 දෙනෙකු බේරාගැනීමට මෝල්ටා නාවික නිලධාරින් සමත්වුණා. පෙට්‍රල් බෝට්ටුවකින් සහ ඩිංගි යාත්‍රා දෙකකින් ඔවුන් මධ්‍යධරණි මුහුදේ ගමන් කරමින් සිටි බවයි ආරක්ෂක අංශ සදහන් කරන්නේ.
ගැබිණි කාන්තාවක් සහ කුඩා දරුවන් කිහිප දෙනෙකු ද ඒ අතර සිටින බව ඔවුන් ප්‍රකාශ කළා. පෙට්‍රල් බෝට්ටුව අනතුරට පත්ව ගිලීයමින් තිබූ බවයි මෝල්ටා නාවික හමුදාව ප්‍රකාශ කළේ. ලිබියා, ටියුනිසියා සහ ඇල්ජිරියා ජාතිකයන් ඒවායේ ගමන් කරමින් සිටි බව ද වාර්තා වනවා.