ශ්‍රී ලංකාවේ සංචාරය කිරිම සදහා චීනය එරට සංචාරකයින්ට පනවා තිබු තහංචිය ලිහිල් කිරිමට එකඟ වූ බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල නිළධාරින් හා කළ සාකච්ඡාවෙන් අනතුරුව එම තීන්දුව ගත් බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/1DbfvyhaKaU”]
රුපියල් මිලියන 66ක වියදමින් ඉදි කරන ලද ජාතික නිවාඩු නිකේතනය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. අනුරාධපුර සංචාරක කර්මාන්තයේ නියැලි ව්‍යාපාරිකයින් මුහුණ පා සිටි ගැටලු සම්බන්ධයෙන් සොයා බලා කඩිනමින් විසදුම් ලබා දීම සදහා ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නියලෙන්නන් සමග සාකච්ඡාවකට ද අමාත්‍යවරයා එක්වුණා. කඩාවැටුණ සංචාරක කර්මාන්ත නගා සිටුවිමට රජය ලබාදුන් කඩිනම් සහන ලබා ගැනිමේදී ඇති වන ගැටලුවලට එම අවස්ථාවේදීම විසදුම් ලබා දිමටද කටයුතු කෙරුණා. ඒ සදහා මහ බැංකුව , මුදල් අමාත්‍යංශය ඇතුළු රජයේ නිළධාරින් කිහිපදෙනෙකුද කැදවා තිබුණා. අමාත්‍යවරුන් වන පී හැරිසන් මහතා සහ චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඇතුළු ජනතා නියෝජිතයන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර සංචාරක කර්මාන්තයේ සේවා සපයන්නන් සදහා සහනදායි මූල්‍ය පහසුකම් ලබා දිමේ තවත් පියවරක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේද ක්‍රියාත්මක වුණා. ඒ සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන සහන බදු යෝජනා පිලිබදව අමාත්‍යවරයා මෙහිදි සංචාරක සේවා සපයන්නන් දැනුවත් කිරිමටද කටයුතු කෙරුණා. එම අවස්ථාවට පාර්ලිමෙන්තු මන්ත්‍රී වසන්ත සේනානායක , සිඩ්නි ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.