191 වන ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට පත්කෙරෙනවා. අම්පාර මහඔය දඹදෙණිය ප්‍රදේශයේ ඉදිකළ මෙම ගම්මානය සත්නිම් ගම ලෙසයි නම්කර තිබෙන්නේ.
එය නිවාස ඒකක 25 කින් සමන්විත බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සුරිය මහතා ප්‍රකාශ කළා. උදාගම්මාන 2500 ක් ඉදිකිරීමේ රජයේ වැඩපිලිවෙළ යටතේ මෙම උදා ගම්මානය ද ඉදිකර තිබෙනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්මානය ජනතා අයිතියට පත්කිරිම සිදුකිරිමට නියමිතයි.