රාහුල් ගාන්ධිගේ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කොංග්රස් පක්ෂය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පක්ෂ කෘත්‍යාධිකාරී මන්ඩලය සෝනියා ගාන්ධි සහ මන්මෝහන් සිංගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ රැස්වුණා. ඒ ලෝක් සභා මැතිවරණයේ ප්‍රතිඑල විශ්ලේෂණය සදහා.
පක්ෂ නායක රාහුල් ගාන්ධි එහිදී ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බවයි වාර්තා වන්නේ. කොංග්රස් පක්ෂයේ ප්‍රාන්ත නායකයන් කිහිප දෙනෙකු ද මේවන විට ඉල්ලා අස්වීමේ ලිපි යොමුකර තිබෙනවා. ඉන්දීය මහ මැතිවරණයේදී ආසන 352 ක් භාරතීය ජනතා පක්ෂයට හිමිවූ අතර, කොංග්රස් පක්ෂයට ජයගැනීමට හැකිවූයේ ආසන 91 ක් පමණි.
මේ අතර නරේන්ද්‍ර මෝදි දිවුරුම් දීමේ උත්සවය ලබන බ්‍රහස්පතින්දා නවදිල්ලි අගනුවරදී පැවැත්වීමටයි නියමිත. ඊට ලෝක නායකයන් රැසකට ඇරියුම් කරනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. භාරතීය ජනතා පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් ද අද (25) පැවැත්වෙනවා. නව කැබිනට් මන්ඩලය පත්කිරිම ඇතුලු කරුණු කිහිපයක් පිලිබදව එහිදී සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ.