අනුරාධපුර අසිරිගම ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක් ලෙස සැලකෙන ස්ථානයක පවත්වාගෙන ගිය අරාබි පාසලක් පිළිබද තොරතුරු හෙළිවී තිබෙනවා.
යුද හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පාසල පිලිබද තොරතුරු හෙළිවුණා. එම භූමියේ තිබූ විනාශ කළ ඉපැරණි චෛත්‍යයක කොටස් ද හමුවී තිබෙනවා. මෙම ආරාබි පාසලේ සිසුන් හත් දෙනෙකු අධ්‍යාපනය ලබන බවයි පරික්ෂණවලදී හෙළිවී ඇත්තේ. මෙම භූමිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පුරා විද්‍යා නිලධාරීන් පරික්ෂණ ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
එම විද්‍යාලයේ මව්ලවිවරයා හා ගුරුවරුන් වැඩිදුර පරික්ෂණ සදහා පරසන්ගස්වැව පොලිසියට භාර දීමට යුද හමුදාව කටයුතු කළා.