fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අබාධයට ලක් වු ශ්‍රී ලංකා ක්‍රිඩකයින් දෙදෙනා දෙවන පුහුණු තරගයට නැහැ

ITN News Editor
By ITN News Editor මැයි 25, 2019 17:17

අබාධයට ලක් වු ශ්‍රී ලංකා ක්‍රිඩකයින් දෙදෙනා දෙවන පුහුණු තරගයට නැහැ

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව  සමග පැවති පළමු පුහුණු තරගයේදී අබාධයන්ට ලක් වූ  ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනා දෙවන පුහුණු තරගය සදහා ක්‍රිඩා නොකරන බව වාර්තා වනවා.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු පන්දු රැකිමේදී අබාධයට ලක් වුනා. ඔහුගේ දකුණු කකුලේ වලලුකර ප්‍රදේශයේ මස් පිඩු පෙරලියාමක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති  සහ කන්ඩායම් කළමණාකරු අසන්ත ද මෙල් මහතා පවසා සිටියේ. ඒ හේතුවෙන් සතියක පමණ කාලයක් අවිශ්ක ප්‍රනාන්දුට  විවේක ගැනිමට වෛද්‍යවරුන් උපදෙස් ලබා දී තිබෙනවා. පන්දු යැවිමේදී  ඉසුරු උදානගේ අතෙහි පන්දුවක් වැදිමෙන් ඔහු ද අබාදයට ලක් වුණා. එය බරපතල තත්ත්වයක් නෙවෙන බව වෛද්‍යවරුන් පවසනවා.

මේ අතර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිර්මාණය කළ වරක් වැටී දෙවරක් නැගී සිටි සිංහයෝ අපි ගීතය එළිදැක්වීම  ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එංගන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී මානසිකත්වය තවත් ශක්තිමත් කිරිම මෙහි අරමුණයි. මෙහි පද රචනය වසන්ත මොරගොඩ මහතා සිදු කර ඇති අතර ගායනය සහ සංගීත නිර්මාණය සිදු කර ඇත්තේ  ගායක සංඛ දිනෙත්.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 25, 2019 17:17

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්