පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව හෙලිකරගන්නා සියලු තොරතුරු පිළිබදව සොයා බැලීමට කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව ඇතුළු සාමාජික පිරිසක් අද(25) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා මුණගැසුනා. එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සහ මතුව තිබෙන දේශපාලන තත්ත්වයන් පිළිබදව අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
පූජ්‍ය දඹර අමිල ස්වාමීන් වහන්සේ සහ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ආචාර්ය පාක්‍යසෝත්ති සර්වනමුත්තු, සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ආගම්වාදය, ජාතිවාදය මතුකරමින් අන්තවාදීන්ට සහාය ලබා දීමට කටයුතු නොකරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/0wTj2cQnAIE”]