ඉන්දුනිසීයාවේ මවුන්ට් ආගුන් ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා. ගිනි කන්ද සක්‍රීය වීමත් සමග ලාවා සහ කැබලි පිටවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම ප්‍රදේශය අධික දුමාරයකින් වැසි ඇති බව ද සදහන්. මේ හේතුවෙන් බාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු තාවකාලකව අත්හිටු වීමට පියවර ගැනුණා.
එම ගිනි කන්ද ආසන්නයේ පිහිටා ඇති ගම්මාන 9ක ජනතාව ඉවත් කිරීමටයි බලධාරීන් කටයුතු කළේ. ආගුන් ගිනි කන්ද ආශ්‍රිතව රැදි සිටිමෙන් වලකින ලෙස සංචාරකයින්ට උපදෙස් ලබා දී තිබෙනවා.