ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු සහ පොලිස් අධිකාරිවරුන් හතර දෙනෙකුට ස්ථාන මාරුවිම් ලබාදි තිබෙනවා. ඒ අනුව යාපනය කොට්ඨසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි යූ පී කේ පි කරුණානායක මහතා නුගේගොඩ කොට්ඨාසය භාර නිලධාරිවරයා ලෙසත්, පොලිස් අධිකාරි ටී ජි ඩබ්ලිව් තල්දූව මහතා ඇල්පිටිය කොට්ඨාසයේ සිට යාපනය කොට්ඨාසය භාර නිලධාවරයා ලෙසත් පත්කර තිබෙනවා.
මන්නාරම කොට්ඨාස භාර පොලිස් අධිකාරි එච් එස් එන් පීරිස් මහතා ඇල්පිටිය කොට්ඨාසයටත්, පොලිස් අධිකාරි බී පී ඒ වීරසිංහ මහතා මානව සම්පත් කොට්ඨාස අධ්යක්ෂ තනතුරේ සිට මන්නාරම කොට් ඨාස භාර නිලධාරිවරයා ලෙසත් ස්ථාන මාරු ලබා තිබෙනවා. මේ අතර නුගේගොඩ කොට්ඨාසය භාර පොලිස් අධිාකරි එස් පී රණසිංහ මහතා මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්යක්ෂ වරයා ලෙස පත්කර ඇති බවයි පොලිිසය සදහන් කළේ.