fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් ප‍්‍රතිආශ‍්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත‍්‍රයක් ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor මැයි 25, 2019 13:24

තවත් ප‍්‍රතිආශ‍්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත‍්‍රයක් ජනතා අයිතියට

තවත් ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජලපිරිපහදු යන්ත‍්‍රයක් ජනතා අයිතියට පත්කර තිබෙනවා. ඒ අනුරාධපුර රාජාංගණය සමත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදි. ශ්‍රී‍්‍ර ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ආඥාපති කපිතාන් ජානක නිශ්ශංක මහතාගේ ප‍්‍රධානත්වයෙන් එය විවෘත කළා.

මෙමගින් ප‍්‍රදේශයේ පවුල් 400කට පමණ පානිය ජල අවශ්‍යතා සපුරාදීමට හැකි බවයි නාවික හමුදාව පවසන්නෙ. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව වකුගඩු රෝගයෙන් පීඩාවිඳින ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාව සපුරාදීම සදහා මේ වන විට දිස්ති‍්‍රක් ගණනාවක ජල පිරිපහදු යන්ත‍්‍ර සවිකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 25, 2019 13:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්