දළඹු විශේෂ දෙකක් ගැන අනතුරු ඇඟවීමක්
Related Articles
දළඹු විශේෂ දෙකක් වී වගාව ආශි්රත පැතිරයාමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතා ප්රකාශ කළා. මෙම දළඹු විශේෂ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා ජනතාවට දැනුම් දෙනවා.
දිනපතා ගොවිබිම් වලට ගොස් නිරීක්ෂණය කරමින් අවධානයෙන් සිටින ලෙසයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා වී ගොවින්ගෙන් ඉල්ලා සිටින්නෙ. වී වගාවේ යම් වෙනසක් ඇත්නම් ඒ පිළිබදව ක්ෂේත්ර නිලධාරින්ට හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දැනුම් දිය හැකි බවත් අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කළා.